
ශ්‍රී ලංකාව රටක් විදියට විවිධාකාරයේ බලපෑම්වලට මුහුණ දෙන්නේ, එහි සුවිශේෂී උපායමාර්ගික පිහිටීම නිසා යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් පෝල් කපූර්ය.
දකුණු ආසියාවේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අනුකමිටු හමුව අතරතුරේ ප්‍රකාශයක් කරමින් පෝල් කපූර් වැඩි දුරටත් කියා සිටියේ ලංකාවට අමතරව බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ භූතානය වැනි රටවල පිහිටීම ද මෙවැනිම වැදගත්කමක් උසුලන බවය.